පරිනාමවාදය, ඩාවින් හා සාක්ශරතාවය.

පරිනාමවාදෙයේ එක පැතිකඩක් වෙන්නේ උචිත්තොන්නතියයි. ඒ කියන්නේ පරිසරයට නොගැලපෙන විශේෂ වඳ වී ගැලපෙන විශේෂ විතරක් ඉතරී වීමයි. තව එක් පැතිකඩක් වන්නේ ලිංගික ප්‍රජනනය මගින් නව අලුත් ප්‍රභේද ඇති විමයි. නමුත් අපි, අපට ඕනෑවිදිහට එක එක ප්‍රභේද කලවම් කරලා මේ ලෝකය අංජබජල් ගොඩක් කරගන්නයි යන්නේ.

ඒ ඉතින් තරීඟු ගැනනේ… අපි, මිනිස්සු ගැන කතා කලොත් පරිනාමයේදි වැදගත්ම වෙන්නෙ බුද්ධිය. සමහර දියුනු රටවල දෙමාපියන්, ඉස්කෝලවල පරිනාමවාදය උඟන්වන හින්දා ලමයි ගෙදර තියාගෙන උඟන්වනවලු! ඒත් ඒ දියුනු රටවලට වඩා අපේ රටේ සාක්ශරතාවය ඇත්තටම ඉහලයි. ඒත් ඇයි ඒ රටවල් විතරක් දියුනු වෙලා අපි එක තැනම ඉන්නේ? අපි හිතනවාට වඩා අපි වටේ සම්පත් සහ අවස්ථා පිරිලා.

ඇත්තටම අපි එක තැන නෙමෙයි, ආපස්සට යනවා. මුලූ ලෝකයම ඉදිරියට යද්දී අපි ආපස්සට යනවා. මුලු ලෝකයේම ආපස්සට යන ටික දෙනා අතර අපි මුල් තැනක් ගන්නවා. මෙහෙම ගියොත් පරිනාමයේදී උචිතෝන්නතියෙන් අපි වල පල්ලට යනවා සිකුරුයි! මේ ක්‍රමය ඉක්මනටම වෙනස් කරන්න ඕනා.

ඇත්තටම මොකද වෙලා තියෙන්නේ? සමහරු නිතරම කියන්නේ අපි යටත් විජිත කාලයේ සූරාකෑමට ලක් වූ නිසා ඉදිරියට යන්න බැරුව ඉන්නවා කියලා. ඒත් මං හිතන්නේ ඒ යටත් විජිත මානසිකත්වයයි, දූපත් මානසිකත්වයයි තමයි මේකට මුල…

අපිට ජීවිත කාලයේදී එක එක අවස්ථා ලැබෙනවා. අන්තිමේදී මේ ඔක්කොම අවස්ථා වලින් අපිට ලැබෙන්නේ එකම ප්‍රථිඵලයක්. ඒ හැම අවස්ථාවකදීම උපරිම ප්‍රයෝජන ගත්තොතින් විතරයි ඒ අපිට නියම ප්‍රථිඵලය ලැබෙන්නේ. මේක මං හොඳට අත්දැකපු දෙයක්. තමාගේ ජීවිතයේ ලබුන සියලුම අවස්ථා, (චාන්සස්) ගැන ආපහු හැරිලා බැලුවොත් ඒ හැම එකක්ම නාහි ගත වෙන්නේ එකම දෛවයකට. ඒත් අපි සාර්ථක වෙන්නේ හරි අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තොතින්.

ජාතියක් විදිහට අපි හරි අහිංසකයි. ඒක නිසා අනිත් අයට අයුතු ප්‍රයෝජන ගන්න තියන්න එපා. ඇස් ඇරලා ලෝකය දිහා බැලුවොත් විතරයි ඉදිරියට යන්න පුලුවන් වෙන්නේ. ඇස් පෙනුනත් අපි තවම ඇස් පියාගෙන. දුර තියා ලඟවත් බලන්නේ නැතිව හරි යන්නේ කොහොමද…

Get Singlish Sinhala Typewriter to write in Sinhala Unicode
http://groups.google.com/group/singlish-typewriter

2 Responses to “පරිනාමවාදය, ඩාවින් හා සාක්ශරතාවය.”


  1. 1 Nuwan June 12, 2008 at 7:48 am

    ඩාවින්ගේ පරිණාමවාදය විශ්වාස කරන මිනිස්සු මේ ලෝකෙ තාම ඉන්නවා වගේ… :O
    මෙහේ නම් (ඇමරිකාවේ) ඩාවින්ගේ පරිණාමවාදයත්, මැවුම්වාදයත් මිනිස්සු අතඇරලා ගොඩක් කල්.
    ලංකාවනේ පුදුම වෙන්න දෙයක් නෑ.

  2. 2 Vishva Kumara June 13, 2008 at 2:28 pm

    ආ හැබෑද, හැබැයි YouTube වලනම් හෝ ගාලමේ ගැන Video යනවා, කතා වෙනවා. මං හිතන්නේ ඒ වෙනත් කාල අවකාශයක වෙන්නැති… ;)


Leave a Reply